සිහිනයක් ගෙන ආමි

ඔබද වෙහෙසයට පත් ව
මා මෙන්ම මට සිතේ
ව්‍යාකූල ජීවිතේ
ප්‍රෙහෙළිකා පුරවන්න
එපා තව සැරසෙන්න
මොහොතකට සැනසෙන්න
මෙහෙ එන්න

සියල් කරදර ප්‍රශ්න
අෑතකට පිටුවහල් කරලන්න
ආදරෙන් රැක ගත්ත
සිහිනයන් බිඳ වැටී
ඔබ වෙහෙස පත් ව ඇත
මා මෙන්ම මට සිතේ
නමුදු මම දෑස් යට සඟවාන
සිහිනයක් ගෙන ආමි

මෙන්න මේ මල් පොකුර
ඔබටමය පිළිගන්න !
වේදනාවෙන් හිඳින ඔබ හදේ
ගේට්ටුව අැරලන්න
කිසිවකුත් නොදන්නා තැනක් ඇත
ඔබට මට පෙන්වන්න

1266404288-beautiful-couple-dancing-in-night

Advertisements

හන්තාන අහස යට – 02

hanthana copyහන්තාන අහස යට උදෑසන ය. මම ඔරලොසුව දෙසට දෑස් හරවමි. බෑගය සකසා අවසන් ය. නැවත බෑගය පිරීක්සමි. නැතහොත් ගෙදර ගිය පසු බොහෝ දෑ අමතක කර අවිත් බව වැටෙහනු ඇත. කෙසේ  වුවද කුමක් හෝ යමක් අමතක වන බවද මා අත්දැකීමෙන් දනි. බෑගය කරේ ඒල්ලා ගෙන පිටු පස ගේට්ටුවෙන් පිට වෙමි.  පාර දෙපස තණ ඇතිරිල්ලේ දිදුලන්නේ පිණි බිඳු ය. තණ පත් මත හිනැහි හිනැහි දිදුලන පිණි බිඳු තව හෝරාවකින් දෙකකින් සැඩ හිරු රැසින් වියැකී යෑමට නියමිත වුව ඒ වගක් නොදැන හිනැහෙන්නේය. සංසාරය මෙන්ම ය. බස් රථය පාර අද්දර නවතා ඇත. සිගරට්ටුවක් ඉරීමේ අවශ්‍යතාවය තදින් දැනුනද ඈතින් පෙනෙන්නේ තවමත් විවෘත්ත නොවූ කුඩා කඩපළේ ලෑලි පෙල ය. මම බසයට ගොඩ වෙමි.  ජෙන්ලය අසල අසුනක් අල්ලා ගැනීමේ උවමනාවෙනි. ඉන් පසු විනාඩි තිහක පමණ කාලයක් මනෝ ලෝකයක අතරමං විය හැකි ය. තනිව බසයක ගමන් ගන්නා සෑම අවස්ථාවකම මේ ඇබ්බැහියෙන් මිදීමට මට නොහැකි ය. මම එයට බොහෙවින් ආශක්තව සිටිමි. මා සන් මිත්‍රයා ගේ යෝජනව පිළිබදව අද කතා කර ගත යුතුව ඇත. දින තුනක නිවාඩුවක් අනුමත කර ගත්තේද එබැවිනි. මම දුරකථනයෙන් ඔහුගේ අංකය අමතමි.

+මචං ! මොර්නින්..

-‍ ගුඩ් මෝර්නින් උඹ කොහෙද? 6.30 වෙද්දි ටවර් එක ගාවට වරෙන්.

+ මම බස් එකේ තව පැය බාගයක් යයි. අරුන් දෙන්නත් මග එනවා

-එළ කිරි. ඇවිත් කතා කරමුකෝ. එහෙනම් තිබ්බා.

දුරකතනය විසන්දි වෙයි. කතාව අළුත් රැකියාවක් ගැන ය. මගේ බොහෝ මිතුරන්ට කලියෙන් රැකියා ලෝකයේ වැඩ ආරම්භ කිරීමට සිදු වූයේ මගේම හිතුවක්කාර තීරණයක ප්‍රතිඑලයක් ලෙසට ය. කෙසේ වතුදු ජීවිතය ගැනවත් ආනාගතය ගැනවත් සැලසුම් සහගත බලාපොත්තුවක් මට නොවිණි. බලාපොරොත්තු වූයේ අසම සම නිදහසම පමණි. උසස් පෙළ විභාගයෙන් පසුව අයියාගේ සම්බන්ධතාවක් මත ජීවිතේ පළමු රැකියා අස්ථාව දෛවය විසින් තොරා බේරා දුන්නේය. රජරට එක්තරා සංචාරක හොටලයක වේරර් වරයෙකු විදියට ය.ඉන් අවුරුද්දකට පමන පසු මගේ සන් මිත්‍රවරයාගේ සම්බන්දතාවයකට අනුව දැන් මා නිරත රැකියාව ලබන්නේ හන්තාන අහස යට ය.මා උපන් අහස යට ය. දෙවැනි රැකියාව එහිම දිගුවක් ය. වේටර් වරයෙකි. කාමර හතක ගෙස්ට් හවුස් එකකට වඩා තරු පන්තියේ හොටලයක් අගනේ ය. සැබැවින්ම උසස් වීමකි. බසය මහනුවර ගුඩ් ශෙඩ් බස් නැවතුමේ නවතී. ඔරලොසු කණුව ලඟ ට යා යුතු ය. උදෑසන නගරය කලබලකාරි වුවද නිදහස් ය. හන්තාන අහසට සමු දී කොලොඹ අහස යටට යා යුතු ව ඇත. මේ ආරම්බ වන්නේ එහි පළමු අදියරය. රැකියා ලොකයේ තනි වෙනවාට වඩා කල්ප කාලයක් දන්න අඳුන මගේ උන් සමග මොන අපායකට ගියද සැපකි. සිගරට්ටුවක අවශ්‍යතාව නැවත මතුවන්නේ වුව තව විනාඩි පහක් ඉවසිය හැකි ය. නුවර අහස මඳැඳුරය මම ඔරලොසු කණුව දෙසට පිය නගමි.

මතු සම්බන්දයි.

 

ඩැෆොඩිල් ලලනාවෝ…

DAFODIL.jpg

වළාවක් සේ
හුදෙකලාව පාව යමි
කඳු නිම්න වලට ඉහලින්
වැව් තාවුල්ල අද්දර
කුඹුක් ගස් සෙවණේ
ඇතිරී පැතිරී ඇති
ඩැෆොඩිල් ලඳුන් දකිමි

ක්ෂීරපතයේ දිදුලන
අඛණ්ඩව දිලි සෙන
තාරකාවන් සේම ය
සුළඟේ ලෙල දෙමින්
රඟන්නේ ය
වැව් ඉම දිගේ ඇතිරී ඇතිරී
පැතිර යන්නේ ය
කිසි දාක අවසන්
නොවන්නේ සේම ය

දස දහස් මල් කැකුළු දෑසේ හැපේ
හිස සල සලා කඩිසරව නැටුමකට සැරසේ
දිය රැළි නැගි නැගී නැටුමට හාද වේ
නමුදු ඩැෆොඩිල් ලලනාවෝ
දිදුලන දිය රැළි  පරදවනු ලබයි

කවියෙකුට සතුටු නොවී සිටිය හැකිද
එවැනි වූ ආනන්දනීය ඇසුරක
අත්‍යන්තවූ ආශා බැල්මෙන් බලා හිඳිමි
එකෙනෙහිම පුංචි සිතුවිල්කි
මොන තරම් සතුටක් ද හදවතට ?

දෑස් පිය වෙනා’තර හිතමි
ඩැෆොඩිල් ළලනාවෝ
සන්තාන හදවතේ දැල්වේ
දිව්‍යමය හුදෙකලාවේ
මගේ හදවත ප්‍රිතියෙන් පිරේ
ඩැෆඩිල් ලඳුන් සමග නැටුමකට හාද වේ

අහිමි අවිහිංසාව…

Peace1951-750.jpg

සුළං රැළි නැගෙන්නේ
හිම කිරම දිළෙන්නේ
නොඅසාම හිඳින්නය හදන්නේ
නමුදු දෙවසවන් පුරා පිරෙන්නේ

මහ හඬින් කෑ ගසන හඬ ය
භයංකර නුපුරු සිහින ය
එය ඉතා දුරකිනි ය ඇසෙන්නේ
ඒ නමුදු, සමීපව හදවතට දැනෙන්නේ

දුක්ඛදායක දිනකි
යනෙන මග අහිමි ය
කරන්නට හැකි සියලු,
යාච්ඤා පමණෙකි ය

අවිහිංසකත්වයද අහිමි වී ගොසිනි
ජීවිතය තව තවද දීර්ඝව නොවිණී
නොදන්නා බව උවද නොදන්නා බැවිනි
සියල් වරදින් මහත් ලෝකයක් බැඳුණි.

යුධ සටන් ඉදිරියට ඇදුණූ
පව්ම පමණක් ලොවට දුන්නූ
වැරදි කරමින් බැඳී හිඳිනූ
හසු නොවේ යැයි බලා නොඉනූ

අන් අයට රිදවුම්ම පමණෙකි ය
සහෝදර කම පාවා දෙන්නෙහි ය
මව් වරුන් වත් අගය කරන්නට
බොහෝ උන් හට දැනුදු අමතක ය

සාමය සොයා ඉඳින් යා යුතුය
එකට එක වගේ එක් විය යුතුය
වෛර ගිනි නිවා සැන සිය යුතුය

සියල්ලම අභිබවා ශ්රේෂ්ඨම වන්නේ
වෛර ගිනි නිවීම ය……

 

ඈත දවසක….

 

lonely_mood_sad_alone_sadness_emotion_people_loneliness_Solitude_girl_artwork_1920x1200.jpgසහස් තරු මල් පිපෙන අඹරේ
තරු අතර නුඹ සොයනවා
අතීතෙන් එන මතක සුවඳක
රිදෙන හදවත ගිලෙනවා

ඈත දවසක දෑත පටලන්
ඇවිද ගිය හැටි මැවෙනවා
අපට සුපුරුදු නැවතුමක හිඳ
තනිව බසයක නැඟෙනවා

බසයේ අසුනක තරුණ යුවලක්
හදිසියේ ඇස ගැසෙනවා
මුහුණෙ හැපි හැපි සුළගේ දඟ කල
කෙස්ස සුසුවඳ දැනෙනවා

මහාමේරු ගිර හිස් මුදුන මත
තියාගෙන දින ගෙවෙනවා
මටත් නොදැනිම බොහෝ විට
ඇස් අගට කඳුලක් උනනවා

 

 

සැබෑ ආදරය, ඔබ ඔබ තුලින් මතු කර ගත යුතු ය..

love

ඔබ සුළගේ පියාසරණ කුරුල්ලෙක් දකිනව. ඒ තරම් ලස්සන, නිදහස, ප්‍රීතිය. ඔබට කුරුල්ලා අල්ලා ගන්න පුළුවන්. ඔබට පුළුවන් එයා රන් කූඩුවක දමන්න. ඔබ හිතනවද එවිට එයා එම කුරුල්ලම කියල? අර ලස්සන අත්තටු කොහෙද?ගුවනේ සමබරව පිහිටන? අසීමිත නිදහසේ පුළුල් අහස කොහේද? ඔබ ඒ සියල්ලම දුප්පත් කුරුල්ලා වෙතින් අරගෙන, ඔබ හිතනවා ඔහුට අගනා කූඩුවක් දුන්නා කියලා රනින් හැදූ. ඔබ කළේ ඔහු මරා දැමීමක්.

පියාඹන කුරුල්ලා, ගගන තලයේ නිදහසේ සුන්දරියක්. කූඩුවේ කුරුල්ලා මැරිලා. ඔහු තාමත් හුස්ම ගන්නව, එහෙත් සිහින දකිනවා විය යුතුයි.ඒ ලස්සන උදෑසන වලදී ඈත අහසේ ඉහළට ඉහළට පියාඹා ගිය ඒ සුන්දර මොහොතවල් ගැන, මනස්කාන්ත හිරු උදාවන් සහ හිරු බැස යාම් ගැන. ඔබ ඒ සියල්ල කුරුල්ල වෙතින් උදුරගෙන.

ආදරය කියන්නේ කුරුල්ලෙක්, ඇය නිදහස්ව තබන්න. එය මත ඒකාධිකාරි වෙන්න හදන්න එපා. ඒක නිසයි ලෝකයේ හැමෝම කියන්නෙ “මම ඔයාට ආදරෙයි”  කියලා. හැබැයි කිසිම තැනක ආදරය තිබෙන බවක් නම් කොහොමටවත් දකින්න ඇත්තෙ නැහැ.

අප ආදරයට නිදහස දීලා නැහැ, අප උත්සහ කරමින් සිටින්නේ එය දම් වැලකින් ගැට ගහන්න. ඒක නම් කල නොහැක්කක්. එවිට ඔබට හැක්කේ ආත්ම වංචනික, කුහක වර්ගයේ ආදරයක් ලබන්නයි. කරදර මඟ ඇරගන්න සැමියා කියනවා, “මම ඔයාට ආදරෙයි”, බිරිඳ කියනවා, ”මම ඔයාට අදරෙයි”, නමුත් ඔබට එහි දිලිසීම පෙනෙන්නේ නැහැ. ඔවුන්ගේ ඇස්වල ජ්වලිතය, මුහුණේ පිළිඹිබු වන අවුරාව. ඔබට ඔවුන්ගේ වේගවත් හෘදය ස්පන්දනය ඇසෙන්නේ නැහැ. ඔබට ඔවුන් වටා ඇති ආදරයේ සුගන්ධය විඳින්න බැහැ. හැම දෙයක්ම මැරිලා.

කිසිම දාක කීයක් මිල ගෙවුවත් ඔබේ ආදරයට මැරෙන්න දෙන්න නම් එපා. ඔබ ඔබේම ජීව ගුණය මරණවා. ඒ වගේම මේ හානිය කිසිම දිනෙක ඔබ වෙන කාටවත්ම කරන්න එපා. ආදරය දෙන්නේ නිදහස. ආදරය දෙන වැඩි නිදහස ඔබ වඩාත් ආදරණීය අයෙක් බවට පත් කරනවා.

උපුටනය – ඕෂෝ සංවාද

පරිවර්තනය – ජෝ. සෙනෙවිරත්න.

 

 

කෆ්කා මුහුදු වෙරළේ

11391548_923805964332576_7455507776411397019_n

“කෆ්කා මුහුදු වෙරළේ කෘතියේ පෙළ ගැසෙන්නේ අපූර්ව චරිත දෙකක අසාමාන්‍ය විත්ති ය. පියාගේ අනිටු අනාවැකියක බියකරු සෙවණැල්ල මැද කෆ්කා තමුරා වයස අවුරුදු 15 දී ගෙදරින් පැන යයි. නැති වූ බළලුන් සොයා දෙන වයසක නකතා, සිය සරල දිවිය හිටිහැටියේ උඩු යටිකුරු කරගනී. මොවුන් දෙන්නාගේ සමගාමී ත්‍රාසජනක දිගු ගමන තවත් විශේෂ චරි
ත සහ සිදුවීම්වලින් සරු වන සැටි අපූරු ය. මිනිසුන් සමඟ බළලුන් සංවාදයේ යෙදෙති. මාළු සහ කූඬැල්ලෝ අහසින් බිමට වැටෙති. දෙවන ලෝක යුද්ධයේ සිට වයසට නොගිය හේවායෝ දෙන්නෙක් වනයක වෙසෙති. දාමරික මිනිස් ඝාතනයක්, එහෙත් මිනීමරුවා මෙන්ම ඝාතනයේ ගොදුරද ප්‍රහේළිකාවකි.

පැහැදිලිවම සම්භාව්‍ය ජීවන ගවේෂණ චාරිකාවක් වන මෙය, පුරාණ සහ සමකාලීන සමාජ තහංචි නිර්දය ලෙස ප්‍රශ්න කෙරෙන තියුණු ප්‍රකාශනයක් ද වේ. සියල්ලටම වඩා, විශාරද නිර්මාණකරුවෙකුගේ අතිශූර පරකල්පන චාරිකාවකැයි කීම අතිශයෝක්තියක් නොවේ. “

-කෆ්කා මුහුදු වෙරළේ.
පරිවර්තනය
ගාමිණී වියන්ගොඩ.