සහස් තරු මල් පිපෙන අඹරේ
තරු අතර නුඹ සොයනවා
අතීතෙන් එන මතක සුවඳක
රිදෙන හදවත ගිලෙනවා
ඈත දවසක දෑත පටලන්
ඇවිද ගිය හැටි මැවෙනවා
අපට සුපුරුදු නැවතුමක හිඳ
තනිව බසයක නැඟෙනවා
බසයේ අසුනක තරුණ යුවලක්
හදිසියේ ඇස ගැසෙනවා
මුහුණෙ හැපි හැපි සුළගේ දඟ කල
කෙස්ස සුසුවඳ දැනෙනවා
මහාමේරු ගිර හිස් මුදුන මත
තියාගෙන දින ගෙවෙනවා
මටත් නොදැනිම බොහෝ විට
ඇස් අගට කඳුලක් උනනවා