සුළං රැළි නැගෙන්නේ
හිම කිරම දිළෙන්නේ
නොඅසාම හිඳින්නය හදන්නේ
නමුදු දෙවසවන් පුරා පිරෙන්නේ
මහ හඬින් කෑ ගසන හඬ ය
භයංකර නුපුරු සිහින ය
එය ඉතා දුරකිනි ය ඇසෙන්නේ
ඒ නමුදු, සමීපව හදවතට දැනෙන්නේ
දුක්ඛදායක දිනකි
යනෙන මග අහිමි ය
කරන්නට හැකි සියලු,
යාච්ඤා පමණෙකි ය
අවිහිංසකත්වයද අහිමි වී ගොසිනි
ජීවිතය තව තවද දීර්ඝව නොවිණී
නොදන්නා බව උවද නොදන්නා බැවිනි
සියල් වරදින් මහත් ලෝකයක් බැඳුණි.
යුධ සටන් ඉදිරියට ඇදුණූ
පව්ම පමණක් ලොවට දුන්නූ
වැරදි කරමින් බැඳී හිඳිනූ
හසු නොවේ යැයි බලා නොඉනූ
අන් අයට රිදවුම්ම පමණෙකි ය
සහෝදර කම පාවා දෙන්නෙහි ය
මව් වරුන් වත් අගය කරන්නට
බොහෝ උන් හට දැනුදු අමතක ය
සාමය සොයා ඉඳින් යා යුතුය
එකට එක වගේ එක් විය යුතුය
වෛර ගිනි නිවා සැන සිය යුතුය
සියල්ලම අභිබවා ශ්‍රේෂ්ඨම වන්නේ
වෛර ගිනි නිවීම ය……