වළාවක් සේ
හුදෙකලාව පාව යමි
කඳු නිම්න වලට ඉහලින්
වැව් තාවුල්ල අද්දර
කුඹුක් ගස් සෙවණේ
ඇතිරී පැතිරී ඇති
ඩැෆොඩිල් ලඳුන් දකිමි
ක්ෂීරපතයේ දිදුලන
අඛණ්ඩව දිලි සෙන
තාරකාවන් සේම ය
සුළඟේ ලෙල දෙමින්
රඟන්නේ ය
වැව් ඉම දිගේ ඇතිරී ඇතිරී
පැතිර යන්නේ ය
කිසි දාක අවසන්
නොවන්නේ සේම ය
දස දහස් මල් කැකුළු දෑසේ හැපේ
හිස සල සලා කඩිසරව නැටුමකට සැරසේ
දිය රැළි නැගි නැගී නැටුමට හාද වේ
නමුදු ඩැෆොඩිල් ලලනාවෝ
දිදුලන දිය රැළි පරදවනු ලබයි
කවියෙකුට සතුටු නොවී සිටිය හැකිද
එවැනි වූ ආනන්දනීය ඇසුරක
අත්‍යන්තවූ ආශා බැල්මෙන් බලා හිඳිමි
එකෙනෙහිම පුංචි සිතුවිල්කි
මොන තරම් සතුටක් ද හදවතට ?
දෑස් පිය වෙනා’තර හිතමි
ඩැෆොඩිල් ළලනාවෝ
සන්තාන හදවතේ දැල්වේ
දිව්‍යමය හුදෙකලාවේ
මගේ හදවත ප්‍රිතියෙන් පිරේ
ඩැෆඩිල් ලඳුන් සමග නැටුමකට හාද වේ