හන්තාන අහස යට උදෑසන ය. මම ඔරලොසුව දෙසට දෑස් හරවමි. බෑගය සකසා අවසන් ය. නැවත බෑගය පිරීක්සමි. නැතහොත් ගෙදර ගිය පසු බොහෝ දෑ අමතක කර අවිත් බව වැටෙහනු ඇත. කෙසේ වුවද කුමක් හෝ යමක් අමතක වන බවද මා අත්දැකීමෙන් දනි. බෑගය කරේ ඒල්ලා ගෙන පිටු පස ගේට්ටුවෙන් පිට වෙමි. පාර දෙපස තණ ඇතිරිල්ලේ දිදුලන්නේ පිණි බිඳු ය. තණ පත් මත හිනැහි හිනැහි දිදුලන පිණි බිඳු තව හෝරාවකින් දෙකකින් සැඩ හිරු රැසින් වියැකී යෑමට නියමිත වුව ඒ වගක් නොදැන හිනැහෙන්නේය. සංසාරය මෙන්ම ය. බස් රථය පාර අද්දර නවතා ඇත. සිගරට්ටුවක් ඉරීමේ අවශ්‍යතාවය තදින් දැනුනද ඈතින් පෙනෙන්නේ තවමත් විවෘත්ත නොවූ කුඩා කඩපළේ ලෑලි පෙල ය. මම බසයට ගොඩ වෙමි. ජෙන්ලය අසල අසුනක් අල්ලා ගැනීමේ උවමනාවෙනි. ඉන් පසු විනාඩි තිහක පමණ කාලයක් මනෝ ලෝකයක අතරමං විය හැකි ය. තනිව බසයක ගමන් ගන්නා සෑම අවස්ථාවකම මේ ඇබ්බැහියෙන් මිදීමට මට නොහැකි ය. මම එයට බොහෙවින් ආශක්තව සිටිමි. මා සන් මිත්‍රයා ගේ යෝජනව පිළිබදව අද කතා කර ගත යුතුව ඇත. දින තුනක නිවාඩුවක් අනුමත කර ගත්තේද එබැවිනි. මම දුරකථනයෙන් ඔහුගේ අංකය අමතමි.
+මචං ! මොර්නින්..
- ගුඩ් මෝර්නින් උඹ කොහෙද? 6.30 වෙද්දි ටවර් එක ගාවට වරෙන්.
+ මම බස් එකේ තව පැය බාගයක් යයි. අරුන් දෙන්නත් මග එනවා
-එළ කිරි. ඇවිත් කතා කරමුකෝ. එහෙනම් තිබ්බා.
දුරකතනය විසන්දි වෙයි. කතාව අළුත් රැකියාවක් ගැන ය. මගේ බොහෝ මිතුරන්ට කලියෙන් රැකියා ලෝකයේ වැඩ ආරම්භ කිරීමට සිදු වූයේ මගේම හිතුවක්කාර තීරණයක ප්‍රතිඑලයක් ලෙසට ය. කෙසේ වතුදු ජීවිතය ගැනවත් ආනාගතය ගැනවත් සැලසුම් සහගත බලාපොත්තුවක් මට නොවිණි. බලාපොරොත්තු වූයේ අසම සම නිදහසම පමණි. උසස් පෙළ විභාගයෙන් පසුව අයියාගේ සම්බන්ධතාවක් මත ජීවිතේ පළමු රැකියා අස්ථාව දෛවය විසින් තොරා බේරා දුන්නේය. රජරට එක්තරා සංචාරක හොටලයක වේරර් වරයෙකු විදියට ය.ඉන් අවුරුද්දකට පමන පසු මගේ සන් මිත්‍රවරයාගේ සම්බන්දතාවයකට අනුව දැන් මා නිරත රැකියාව ලබන්නේ හන්තාන අහස යට ය.මා උපන් අහස යට ය. දෙවැනි රැකියාව එහිම දිගුවක් ය. වේටර් වරයෙකි. කාමර හතක ගෙස්ට් හවුස් එකකට වඩා තරු පන්තියේ හොටලයක් අගනේ ය. සැබැවින්ම උසස් වීමකි. බසය මහනුවර ගුඩ් ශෙඩ් බස් නැවතුමේ නවතී. ඔරලොසු කණුව ලඟ ට යා යුතු ය. උදෑසන නගරය කලබලකාරි වුවද නිදහස් ය. හන්තාන අහසට සමු දී කොලොඹ අහස යටට යා යුතු ව ඇත. මේ ආරම්බ වන්නේ එහි පළමු අදියරය. රැකියා ලොකයේ තනි වෙනවාට වඩා කල්ප කාලයක් දන්න අඳුන මගේ උන් සමග මොන අපායකට ගියද සැපකි. සිගරට්ටුවක අවශ්‍යතාව නැවත මතුවන්නේ වුව තව විනාඩි පහක් ඉවසිය හැකි ය. නුවර අහස මඳැඳුරය මම ඔරලොසු කණුව දෙසට පිය නගමි.
මතු සම්බන්දයි.