මේ දියඹ ඝන සැරයි
කැරකි කැරකී වාසුලි
නිම නොවන ගල් පර
අඝාද සමග දිගු උමං
මං ඒත් ..,
අත අත නෑර ඔබ එක්ක
යා යුතුම නම් ඔබ ,
මා අතැර,
හැර යන්න
අත්ල ගෙන පිරිමැද
තබා අවසන් හාදුව
තැබූ පා ආපසට
ගන්නෙමි
පසු නොබා
හැර යන්න
ඔබ නොපෙනා
පොඩි තිතක් වන තුරුම
මං බලා ඉන්නවා
හමුව
වෙන්වන
කාලයට වඩා
අපි ලංව
තුරුළුව
පෙම්වත්ව
උන් මොහොත
හද සැමරුමෙහි තියනවා
-වෙරෝනිකා-
2016 නොවැම්බර් 23