නව මල් කැන් සැලෙයි
පර මල් බිම වැටෙයි
බිඟු අන් මග ඇදෙයි
පිණි කඳුළැලි සැලෙයි.
සඳ කැල්මෙන් පෙරී
නෙක පාටින් පිරී
මුදු පෙති සැලි සැලී
ඒ මල් හිනැහුනී
තුරු හිස් සැරසුනී
විළිකුන් පල දිලී
සියොත් රාවය පිරී
ඒ මල් අරුමෙනී
බිඟු අන් මග ගියත්
නව මල් පිබිදුනත්
මල් පරවී ගියත්
පර මල් දිවි සදත්
කිසිවක් වෙන් නොවෙයි
කිසිවෙකු වෙන් නොවෙයි
දාමෙක වෙලි වෙලී
නැවතත් පණ ලබයි
-වෙරෝනිකා ©