මතක ගඟ රැළි නැගී
රත් දෙතොල් සැලි සැලී
සියොලඟම වෙලි වෙලී
රඟන රති සැණකෙළී
ලොවම කරකැවෙන වග නොදැනේද
යහන මත සොඳුරු ගිණි ඇවිලේද
රඟන යුවලක පහස, සඳ දියේ නැහැවේද
හන්තාන අහස යට මලක පෙති පිබිදේද
ඔබේ ස්පර්ශයෙන් දැවෙන්නෙමි
අසිරිමත් රිදුමකින් විඳින්නෙමි
ඇස් වසාගෙන පහස සොයන්නෙමි
ඔබ නමින් මලක්, නම් තබන්නෙමි
© නිරුත්තර.