“”””….සඳ දිය කුමුද පාරන,
තරු පවා ඉන් රතුවුණ,
නිමන මත
තණ ගොබලු දළුලන,
ඩයෝනීසියානු හෝරාව එළඹිලා…
දෙඅදර උණුහුම් ප්‍රණීත හාදු වැසි වස්සන්න
තුරුළු වී ඇස් පියා සැනසෙන්න
ඔබ යළිත් මැදියමේ
කොටු පවුර උඩින් පැන
දෑසමන් වැල දිගේ
මා වෙතට පැමිණෙන්නේ කවදාද..
ඕ ……….ඕ…….ඕ…ඕ…
රෝමියෝ ..
රෝමියෝ.
…….
,,…. ඕහ්.. සාරා. ඔයතරම් වේගෙන්. කොහොමද ඕක කියන්නේ ආහ්..ම්…ඔයා තව ගොඩාක් ගොඩාආආආආආක් ෆීල් කරන්න ඕනි ඕක කියන්න නම්..ජුලියට් ට රෝමියෝව හම්බුවෙන තුන්වෙනි දවස මේ…. ඉතිං ඒ දෙන්නා ආදරය දන්නවා .. විඳලා තියනවා…රෝමියෝගේ ආදරය ඇරෙන්න වෙනත් ලෝකයක් දැකලා නෑ ජූලියට්….ඉතිං හිතන්නකෝ කොයිතරම් ෆැන්ටසියකද මේ කෙල්ල ඉන්නේ කියලා…. “”
“”.. ආහ් වෙරෝ..මට නම් හිතා ගන්න බෑ කෝමද ඕක ඔයතරම් ෆැන්ටසයිස් කරන්නේ කියලා…
දැන් කාලේ කෝම හිතන්නද ජුලියට් ලා ගැන..රෝමියෝලා ලොවෙත් ඉන්නව යැ….””
අනික මේක නිකම් කවියක් වගේ ඩයලොග් එකක් කියන විදියෙන් අවුල අරිමුකෝ….””
..”” ම්ම්ම්ම්.. ම්..හූ….”” අද කාලේ ජුලියට් ලා රෝමියෝ ලා නෑහ් තමා. ඒත් දෙයක් තියනවා වෙනස් නොවන…ඒක තමා ආදරය.. පුද්ගලයන්.. අවස්ථාවන්.. අවශ්යතාවයන්වෙනස්වෙනවා…ඒත් ආදරය නොවෙනස්ව පවතිනවා..ඒක තමයි මට මේකෙන් කියන්න ඕනි.. ඔයා ට්‍රයි කරන්න ඕනි එතෙන්ට ගිහින් ඉමැජින් කරන්න සාරා…””
“”.. ඔහ්.. මට ට්‍රයි කරන්නම්.. ඒත් මේව්වා තේරෙන ඕඩියන්ස් එකක් නම් හොයන්න බැරි වෙයි වෙරෝ…”
“”….. මං දන්නවා ඒ ගැන මං වද වෙන්නෙ නෑ…
ආදරය පවතිනවා…ඒත් මිනිස්සු ඒක බෙදා ගන්න ලෝබයි…., තමන්ගේ අවශ්‍යතාවයන් මත පමණක්
ආදරය නොවන යම් යම් දේවල් කරමින් ඉඳලා නිකම්ම මැරිලා යනවා….
මට ඕනි මේක මිනිස්සුන්ට දනවන්න….””
සරාගේ ලොකු ඇස් දෙක දැල්විලා. පුදුමෙන් වගේ..
මට දැනෙන දේ මං එයාට පැහැදිලි කරන්න මන් තෝර ගත්තු වචන ටික හරි වෙන්න ඕනි…!!!!
……..වෙරෝනිකා පිටස්තරයි …….
©වෙරෝනිකා ඩී.සිල්වා.
අද තමයි මෙහෙට ගොඩ උනේ… අති උත්කෘෂ්ටයි.. පට්ට නිර්මාණ ගොඩක්..
කැමතියිLiked by 2 people
බොහොම ස්තූතියි කොච්චි මිරිස්.. ! ජය ..!
කැමතියිකැමතියි