ඔබට බැදි අපරිමිත ස්නේහයට
සාක්ෂියි මේ කවි
ළමැද්දට පහර දෙන බව දැනේ
විරහවේ බර අවි
මොක උනත් උඹ හොඳින් ඉඳි නම්
දැනට මට ඒ ඇති
තප්පරෙන් තප්පරේ කඳුළු වැල්
අළුත්වෙන එක තමයි
ඉවසන්න බැරි
ආදරේ නොවෙනස්ව තියෙන වග මං කියා දෙන්නම්
ජීවිතේ නේක පැන වලට විසඳුම් හොයා දෙන්නම්
මාවතේ ගල් බොරළු කටු පඳුරු මං බලා ගන්නම්
ආදරේ පපුතුරේ දාරාගෙන උඹ හිනා වේ නම්
රාත්‍රිය ගෙවන හැටි මට හොයා ගන්න බැරි වෙයි
ආස්‍රය කරපු හැටි මතක් වී දෑස බර වෙයි
සහස්‍රකයක් උනත් බලන් ඉන්නට නොහැකි ඇයි?
උඹේ එක වචනෙකින් හදවතේ අඳුර දුරුවෙයි
මැණික උඹ හොඳින් හිටපං !
කවද හරි කතා කරපං !
අතහැරුණු ප්‍රේමය සදාතනික තනිකම
උරුමයයි හැමදාම
ප්‍රේමයේ විරහව….
කැමතියිකැමතියි
හ්ම් ඇත්ත මැක්….
කැමතියිකැමතියි