වෙරෝනිකා පිටස්තරයි-03

veronika“ජොවානා වෙරෝනිකා එක්ක ….”

“…මීදුම් පොරෝණා තුංග ගිරිශිඛර මත සුදට ඇතිරෙන්න පටන් අරන්.. හීතල හාත්පසට තුරුළු වෙවී අපේ සිරුරු හීගඩු නංවමින් තිබුණා…අපි ඇවිදන් යමින් උන්නේ ජොවානාගේ ලොකු මාමාගේ තේකට්ටිය මැද්දෙන් ඔවුන්ගේ බංගලාව පැත්තට.. තේ කඩපු ළපටි.. ඒත් බලෙන්ම වගේ මහ ගෑණු බව පත් කරපු කෙල්ලෝ .. තේ කූඩ වල බරින්ම බිමට නැමුණු හිස් එක්ක තේ ෆැක්ටරිය පැත්තට පෝළිමට ගියා…ජොවානා ඇගේ තුනී ගවුමට උඩින් දාගෙන උන්නු වූල් කබාය අත් දෙකින් ඇදලා ඒකට ඇඟට තදකරගන්න ගමන් හතිදම දම කොටයක් උඩ වාඩි උනා.

“… වෙරෝ දුමක් නැද්ද බෑග් එකේ…”
..” කමක් නැද්ද. අසනීපෙ නිසා…”
“ම්ම් මට දීපන්.තියනව නම්.මන් ටවුන් එකට ගියොත් ගන්නවා. යන්න උනේ නැත්නම් රාසට කියල හොරෙන් ගෙන්න ගන්නවා.. ම්ම්ම් මට සිගරට් එකක් වත් බොන්න ඕනි එකපාරටම ඔක්කොම කෝම නවත්තන්නද…”
“…ලොකු මාමාට අහුඋනොත්..”
“..ආහ් එයා දන්නවා …ඒත් මන් ඉස්සර වගේ වෙන මොනාත් ගන්නෙ නෑ කියලා එයා දන්නවා…එ නිසා මොනාත් එහෙම කියන්නෙ නෑ …”
“..මන් ගාව ජොයින්ට් එකක් තියනෝ..”
“.. අනේ ඇත්තමද වෙරෝ උඹ කියන්නෙ.. ගනින් විගහට… ඔහ්හ් මාස අටකින් ….. විතර..
මගෙ පණ.. ගනින් ඕක පත්තු කරලා..”
“”.. උඹට හොඳ නෑහ් නේද ජෝ.””…
“.. ම්ම්ම් ඔව්.. ආ.. ඒත් අද විතරනේ..උඹ ගියාම නෑනේහ්..” මට දැන් පුලුවන් මොනාත් නැතුව උනත් ඉන්න වෙරෝ…”..

මීදුම කුට්ටි පිටින් ගලන්න පටන් අරන්.. අපි දෙන්න කොටේ හරි බරි ගැහිලා ජොයින්ට් එක පත්තු කරගන්න ලෑස්ති උනා..ලයිටරය හොයාගන්න ප්‍රමාදයේදී පවා ජොවානා නොඉවසිලිමත් වෙලා.. ජොයින්ට් එක ජොවානාගෙ දෙතොලට තුරුළු වෙලා… මාදිහාවට එල්ල කරං.. මං සීරුවට පාත් වෙලා ලයිටර දැල්ලෙන් පොඩි බට්ටා ව පත්තු කළා..
ජොවානා පලවෙනි එක උගුරෙන් පහලට ඇද්දෙ පුදුමාකාර පිපාසෙකින් වගේ… ඉන්පස්සේ ඇය නිවෙන්න පටන් ගත්තා.. ඇගේ කිරි පාට කම්මුල් රෝස පාට වෙන්න පටන් අරන්.. මං ඉවසීමෙන් ඇය දිහා බලන් උන්නා.. මීට මාස අටකට කලින් ඇගේ කලුපැහැ ගැන්වුණු හකු බැහැපු ඇස් පතුළටම ගිලුණු තොල් පිපිරුණු අවතාරයක් වගේ විනාශ වෙලා තිබුණු මේ හඳ වගේ ලස්සන මුහුණ මට මතක් වී මගෙ පපුකුහරය හිරවෙන්න ගත්තා..මගේ ඇස් වලට කඳුළු ඉනුවා.
“.. ඒයි වෙරෝ…. ඔහොම මං දිහා බලන්න එපා…”
ශොට් එක මාරු කරන්න අත මාවෙතට දිගු කරන ගමන් ඇ කිව්වෙ කෙඳිරිල්ලකින් වගේ……..

මං ජොවානා එක්කයි මේ ටිකේ ඉන්නේ

….. වෙරොනිකා පිටස්තරයි …..

©වෙරෝනිකා ඩී. සිල්වා.

Advertisements

වෙරෝනිකා පිටස්තරයි – 2

veronika“”””….සඳ දිය කුමුද පාරන,
තරු පවා ඉන් රතුවුණ,
නිමන මත
තණ ගොබලු දළුලන,
ඩයෝනීසියානු හෝරාව එළඹිලා…
දෙඅදර උණුහුම් ප්‍රණීත හාදු වැසි වස්සන්න
තුරුළු වී ඇස් පියා සැනසෙන්න
ඔබ යළිත් මැදියමේ
කොටු පවුර උඩින් පැන
දෑසමන් වැල දිගේ
මා වෙතට පැමිණෙන්නේ කවදාද..
ඕ ……….ඕ…….ඕ…ඕ…
රෝමියෝ ..
රෝමියෝ.
…….
,,…. ඕහ්.. සාරා. ඔයතරම් වේගෙන්. කොහොමද ඕක කියන්නේ ආහ්..ම්…ඔයා තව ගොඩාක් ගොඩාආආආආආක් ෆීල් කරන්න ඕනි ඕක කියන්න නම්..ජුලියට් ට රෝමියෝව හම්බුවෙන තුන්වෙනි දවස මේ…. ඉතිං ඒ දෙන්නා ආදරය දන්නවා .. විඳලා තියනවා…රෝමියෝගේ ආදරය ඇරෙන්න වෙනත් ලෝකයක් දැකලා නෑ ජූලියට්….ඉතිං හිතන්නකෝ කොයිතරම් ෆැන්ටසියකද මේ කෙල්ල ඉන්නේ කියලා…. “”


“”.. ආහ් වෙරෝ..මට නම් හිතා ගන්න බෑ කෝමද ඕක ඔයතරම් ෆැන්ටසයිස් කරන්නේ කියලා…
දැන් කාලේ කෝම හිතන්නද ජුලියට් ලා ගැන..රෝමියෝලා ලොවෙත් ඉන්නව යැ….””
අනික මේක නිකම් කවියක් වගේ ඩයලොග් එකක් කියන විදියෙන් අවුල අරිමුකෝ….””
..”” ම්ම්ම්ම්.. ම්..හූ….”” අද කාලේ ජුලියට් ලා රෝමියෝ ලා නෑහ් තමා. ඒත් දෙයක් තියනවා වෙනස් නොවන…ඒක තමා ආදරය.. පුද්ගලයන්.. අවස්ථාවන්.. අවශ්‍යතාවයන්වෙනස්වෙනවා…ඒත් ආදරය නොවෙනස්ව පවතිනවා..ඒක තමයි මට මේකෙන් කියන්න ඕනි.. ඔයා ට්‍රයි කරන්න ඕනි එතෙන්ට ගිහින් ඉමැජින් කරන්න සාරා…””
“”.. ඔහ්.. මට ට්‍රයි කරන්නම්.. ඒත් මේව්වා තේරෙන ඕඩියන්ස් එකක් නම් හොයන්න බැරි වෙයි වෙරෝ…”
“”….. මං දන්නවා ඒ ගැන මං වද වෙන්නෙ නෑ…
ආදරය පවතිනවා…ඒත් මිනිස්සු ඒක බෙදා ගන්න ලෝබයි…., තමන්ගේ අවශ්‍යතාවයන් මත පමණක්
ආදරය නොවන යම් යම් දේවල් කරමින් ඉඳලා නිකම්ම මැරිලා යනවා….
මට ඕනි මේක මිනිස්සුන්ට දනවන්න….””
සරාගේ ලොකු ඇස් දෙක දැල්විලා. පුදුමෙන් වගේ..
මට දැනෙන දේ මං එයාට පැහැදිලි කරන්න මන් තෝර ගත්තු වචන ටික හරි වෙන්න ඕනි…!!!!

……..වෙරෝනිකා පිටස්තරයි …….

©වෙරෝනිකා ඩී.සිල්වා.

වෙරෝනිකා පිටස්තරයි – 01

veronika

“ගෑණියෙකුගේ හොඳම ආයුධය තමා හුත්ත. පිරිමි හැම වෙලාවෙම ආරක්ෂා කරන්න හදන්නේ හුත්ත මිසක් ගෑණියෙකුගේ හදවත නෙමෙයි.මං ඔයාට ආදරෙයි.හැබැයි බබෝ හිතන්න එපා මං ඔයාගෙ පුරුෂ ලිංගය දේවත්වයෙන් සලකයි කියලා.ඔයා දන්නවද ඔයාගේ මේ කෙලින් උන පුරුෂ ලිංගය වගේ හොඳට කෙලිං වෙන පුරුෂ ලිංග මට තව හොයාගන්න පුලුවන්…. හැබැයි මං ඔයාට ආදරෙයි… ඒකයි මට ඉවසන්න බැරි..””

*********************************************************

“” නෝනා දන්නවද මං මාලු කපන හැම වෙලාවකම මට අම්මව මතක් වෙනවා. ගොඩක් අය කියනවනේ අම්ම ගාවින් එන්නෙ කිරි සුවඳ කියලා. එත් මට තේරෙන කාලෙ ඉඳලම මට අම්ම ගාවින් ආවෙ මාලු වල සුවඳ. අම්ම කොන්ඩෙ කොට වෙන්නම කපල උන්නෙ. අම්මා හැඩිදැඩියි. කටහඬ ගොරෝසු යි.කතාකරන්නෙත් බැරැන්ඩි විදියට.නෝනා දන්නවයැ අපේ අම්මා මැරෙනකොටත් කසාද බැඳලා නෑ.
.
“” ආහ්… ඉතිං රෝසා අයියයි මල්ලියි තුන්දෙනාටම තාත්තලා උන්නෙ නැද්ද.””

“” නෑ නෝනා..අම්මා ඉතිං අපි වගේ නෙමෙයි නේ නෝනා..””

“”. ආ ..හ්.. ඒ මොකද ඒ ..””

” .. අම්ම ඉතිං පාන්දර ලෙල්ලමින් මාලු ගන්ඩ යනවා.. දවල් වෙනකම් බයිසිකලේ පාගලා මාලුවට යනවා..එනකොට එන්නෙ ඉතිං …. නෝනට කිව්වම මොකෝ කසිප්පු බෝතලෙයි සුරුට්ටුයි බක්කියෙ දාගෙන.. නාගෙන ඕක .බොනවා..බීගත්තම විකාරෙන් තාත්තලට තිත්ත කුණුහරප කිය කියා බණිනවා.ඒ ගමන කාතාවයි මාලු කැපිල්ලයි දෙකම නවත්තලා හිටි ගමන් රෝසා හිනා වෙන්න තියා ගත්තා.

මොකෝ රෝසා…..?.

.””නෝනට කියන්නය අපේ තාත්තලගෙ නම් නම් කීයක්ද කියන්න බෑ… “”

“”ඒක හිනා වෙන්න දෙයක්ද ඉතිං..””

“”..නැතුව ඉතිං.. ළමයි තුන් දෙනයි තාත්තලා දුසිමකගේ නං…. හීහ්…””

රෝස එහෙම කියලා මාළු කූරියාගේ ඇස් ගෙඩි දෙක උගුල්ලන්න පටන් ගත්තා.

©වෙරෝනිකා ඩී.සිල්වා.