කෆ්කා මුහුදු වෙරළේ

11391548_923805964332576_7455507776411397019_n

“කෆ්කා මුහුදු වෙරළේ කෘතියේ පෙළ ගැසෙන්නේ අපූර්ව චරිත දෙකක අසාමාන්‍ය විත්ති ය. පියාගේ අනිටු අනාවැකියක බියකරු සෙවණැල්ල මැද කෆ්කා තමුරා වයස අවුරුදු 15 දී ගෙදරින් පැන යයි. නැති වූ බළලුන් සොයා දෙන වයසක නකතා, සිය සරල දිවිය හිටිහැටියේ උඩු යටිකුරු කරගනී. මොවුන් දෙන්නාගේ සමගාමී ත්‍රාසජනක දිගු ගමන තවත් විශේෂ චරි
ත සහ සිදුවීම්වලින් සරු වන සැටි අපූරු ය. මිනිසුන් සමඟ බළලුන් සංවාදයේ යෙදෙති. මාළු සහ කූඬැල්ලෝ අහසින් බිමට වැටෙති. දෙවන ලෝක යුද්ධයේ සිට වයසට නොගිය හේවායෝ දෙන්නෙක් වනයක වෙසෙති. දාමරික මිනිස් ඝාතනයක්, එහෙත් මිනීමරුවා මෙන්ම ඝාතනයේ ගොදුරද ප්‍රහේළිකාවකි.

පැහැදිලිවම සම්භාව්‍ය ජීවන ගවේෂණ චාරිකාවක් වන මෙය, පුරාණ සහ සමකාලීන සමාජ තහංචි නිර්දය ලෙස ප්‍රශ්න කෙරෙන තියුණු ප්‍රකාශනයක් ද වේ. සියල්ලටම වඩා, විශාරද නිර්මාණකරුවෙකුගේ අතිශූර පරකල්පන චාරිකාවකැයි කීම අතිශයෝක්තියක් නොවේ. “

-කෆ්කා මුහුදු වෙරළේ.
පරිවර්තනය
ගාමිණී වියන්ගොඩ.

ගින්දර පළඳනාව

gindaraඇමරිකානු නවකතාකරුවෙකු වන නැතනියෙල් හෝත්‍රෝන් උපත ලද්දේ 1804 වසරේදීය. 1850 වසරේ එළිය දුටු ඔහු විසින් රචිත The Scarlet Letter නම් මෙම නවකතාව ඔහුගේ නවකතාවලියේ අග්‍ර ඵලය වෙයි. එමෙන්ම ලෝක සාහිත්‍ය ඉතිහාසයේ කඩයිමක් සටහන් කල සුවිශේෂී නවකතාවක් ද වන්නේය.

1642 සිට 1649 දක්වා කාල වකවානුව කේන්ද්‍ර කර ගනිමින් හෙස්ටර් ප්‍රීන් නම් කාන්තාවක් වටා ගොතන ලද කතාන්දරයකි. ඇය ඉංග්‍රිසි ජාතිකයෙකු හා විවාහ වී ඇම්ස්ටර්ඩෑම් වල බොහො කලක් ජීවත් වී අනතුරුව ඔවුන් නව එංගලන්තයේ මැසචුසෙට්ස් වල පදිංචි  වෙන්න තීරණය කරයි. ඉංග්‍රීසි ජාතිකයා ඔහුගේ කළ යුතු කටයුතු ඇති බැවින් ඔහුට කලියෙන් බිරිඳ පිටත් කරනු ලබයි. ඇය අවුරුදු දෙකක් බොස්ටන් නුවර ගත කළ පසුවද ස්වාමියාගෙන් කිසිම තොරතුරක් නොලබයි. ඒ අතර තුර ඇතිවන ප්‍රේමයකින් ඇයට දර ගැබක් හට ගනු ලබන අතර ඇය හා දරුවා මුහුණ දෙන සිදූවීම් වටා කතාව ගොඩ නැගේ.

අවනීතිය, පාපය හා හෘද සාක්ෂියේ ප්‍රබලත්වය මෙම නවකතාවේ ප්‍රමුඛ තේමාවයි. ස්ත්‍රියක ප්‍රධාන චරිතය ලෙස ගෙන  එකී තේමාව සාකච්ඡාවට බඳුන් කල ලොව ප්‍රථම නව කතාව ලෙසද විචාරකයන් ගේ පැසසුමට ලක්වෙයි.

පරිවර්තනය :  ස්වර්ණකාන්තී රාජපක්ෂ.