සුදු ඉද්ද

530_8ab29c97ab8a98626422c01111eb4425

මතක මංපෙත පුරා සැරි සරා
අනුන් සතු මලෙක තතු
ගෙනෙවද මල්සරා
නිද්‍රාව අහිමි තරු හදවතක දුක දරා
සැඟව යන තරුව වෙමි
හිරු එළිය විඳ දරා

මල් සුවඳ විඳ ගැනුම
පරම හිමි කම නොවෙද?
අයිතයට ගන්න හැකි
පර නොවන මල් වෙත් ද?

ලොවේ දහමට අනුව හැඩ ගැහෙන සුදු ඉද්ද
මලට වුව අයිති වෙන එකදු බඹරෙකු නැද්ද?
පිණි වැටෙන හිමිදිරිය සුව සදන බඹරින්ඳ
හිතට ගනු පරව යන බව වුවද සුදු ඉද්ද?

මලෙක වුව ඉමිහිරිම මෙලෙක හඳුනා ගන්න
හිතක පර නොවෙන බව හොඳින් වටහා ගන්න
විඳින වද වේදනා සඟවගෙන ඉවසන්න
හැකිය මට නුඹ නමින් දන්නවද සුදු ඉද්ද?

-නිරුත්තර.
24 සැප්තැම්බර් 2016.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )